ඒකාකාරී දිවියට විරාමයක් තබමින් විනෝදය සමඟින් නිවසේ සිටම වටිනා මුදල් ත්‍යාග ලබාගැනීමට ඔබට අවස්ථාව සලසා දෙන ” #Snapzella” තරඟාවලිය පිළිබඳව ඔබ දැනටමත් බලාපොරොත්තු දල්වා සිටින බව අප දනිමු.
තවදුරටත් බලා සිටීමට අවශ්‍ය නැත.ඔබේ ජංගම දුරකථනයෙන් ලබාගත් නිර්මාණශීලි ඡායාරූප අප වෙත එවීමට ඔබට දැන් හැකියාව ඇත.
ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පෝෂණ පීඨයේ “Nutrition Society” (NutSoc) විසින් සංවිධානය කරන මෙම තරඟාවලිය “ගුණැති අහරක් සුවැති දිවියක්” යන තේමාව මත පාදක වේ.
ගෝලීය වසංගත අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක සෞඛ්‍යය සහ යහපෝෂණය පිළිබඳ අප සැම වඩාත්ම සැලකිලිමත් විය යුතු මෙම කාලයේ කොවිඩ්-19 වසංගතයට සාර්ථකව මුහුණ දීම උදෙසා සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවාගැනීම අතිශය වැදගත් වන අතර, ඒ සඳහා මනා පෝෂණය අත්‍යවශ්‍ය සාධකයක් වේ. එබැවින් වඩාත් නිර්මාණශීලී මෙන්ම විනෝදාත්මක අයුරින් නිවැරදි පෝෂණයේ වැදගත්කම පිළිබඳ සමාජ අවබෝධය ඉහළ නැංවීම මෙම තරඟාවලියේ මූලික පරමාර්ථය වේ.
තරඟ කොන්දේසි
1) ඡායාරූප ලබාගැනීම සඳහා ඔබට භාවිතා කළ හැක්කේ ජංගම දුරකථනයක් පමණි. DSLR, ඩ්‍රෝන කැමරා ආදී වෙනත් කිසිදු කැමරාවකින් ලබාගත් ජායාරූප මෙම තරඟාවලිය සඳහා වලංගු නොවේ. නමුත් මේ සඳහා ඕනෑම වර්ගයක ජංගම දුරකථනයක් භාවිතා කිරීමට ඔබට පූර්ණ නිදහස ඇත.
2) ඔබ අප වෙත ඉදිරිපත් කරන ඡායාරූපය ඔබගේම නිර්මාණයක් විය යුතු අතර එය වෙනත් අයෙකුගේ ඡායාරූපයක් බව හෙළිවුවහොත් එම ඡායාරූපය තරඟාවලියෙන් ඉවත් කිරීමට සිදුවනු ඇත.
3) ඔබගේ ඡායාරූපය අපගේ තේමාවට අනුකූල වීම අනිවාර්‍ය වේ. උදාහරණයක් වශයෙන් පෝෂණීය නොවන ක්ෂණික ආහාරපානවල ඡායාරූප අපගේ තේමාවට අනුකූල නොවේ.
4) ඔබගේ කැමැත්ත පරිදි වර්ණ ඡායාරූප හෝ කළු සුදු ඡායාරූප ඉදිරිපත් කළ හැක.
5) එක් තරඟකරුවෙක් හට ඉදිරිපත් කළ හැකි උපරිම ඡායාරූප සංඛ්‍යාව 3කට සීමා වේ.
6) ඡායාරෑපය ඉදිරිපත් කිරීමේදී ඔබේ නම සහ ඔබ ඡායාරූප ගතකරන ලද ආහාරයේ හෝ පානයේ සුළු විස්තරයක් ද සඳහන් කිරීමට අමතක නොකරන්න.(උදා: යොදා ගත් අමුද්‍රව්‍ය, සකස් කල ආකාරය) පහත link එක මඟින් ඔබේ ඡායාරූප Foodie’s SnapZella ෆේස්බුක් පිටුවට upload කර අප වෙත ලැබීමට සලස්වන්න.https://www.facebook.com/groups/387213629391546/?ref=share ඡායාරූප ඉදිරිපත් කිරීමේ කාල සීමාව දෙසැ.6 දින සිට දෙසැ.13 දින මධ්‍යම රාත්‍රී දක්වා වේ.
7) හොඳම ඡායාරූපය තෝරාගැනීමේදී-NutSoc ෆේස්බුක් පිටුවට like කරතිබීම https://www.facebook.com/nutsocwyb/-තරඟාවලියේ තේමාවට අනුකූල වීම-ඡායාරූපයේ ගුණාත්මකභාවය සහ නිර්මාණශීලීභාවය-ඡායාරූපගතකර ඇති ආහාරපානවල පෝෂණ ගුණය සහ නව්‍යකරණය -ඡායාරූපකරණ කුසලතාවපිළිබඳව සලකා බලනු ලැබේ.
8) හොඳම ඡායාරූපය තෝරාගන්නා ආකාරය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඔබට ඉදිරියේදී දැනුම් දීමට අප බලපොරොත්තු වන බැවින් දිගටම අපගේ NutSoc ෆේස්බුක් පිටුව සමඟ රැඳී සිටින්න.
9) තෝරුගැනෙන හොඳම ඡායාරූප 3 සඳහා පහත පරිදි මුදල් ත්‍යාග පිරිනැමෙනු ලැබෙන අතර අපගේ පීඨය මඟින් නිකුත් කරනු ලබන වාර්ෂික ෂෝෂණ සඟරාවේ තරඟකරුගේ නම සහ ඡායාරූපය සමඟ ඔවුන් අපවෙත එවූ ඡායාරුප පළකරනු ලැබේ.ප්‍රථම ස්ථානය- රු:2500දෙවන ස්ථානය- රු:1500තෙවන ස්ථානය- රු:1000
10) මෙයට අමතරව අප වෙත එවනු ලබන ඡායාරුප අතරින් අප විසින් තෝරාගනු ලබන හොඳම ඡායාරූප කිහිපයක් අපගේ ෆේස්බුක් පිටුවේ පළකිරීමටද අප බලොපොරොත්තු වේ.ඉතින්, තවත් ප්‍රමාද නොවන්න! ඔබේ ඡායාරූපය හැකි ඉක්මනින් අපට එවන්න.එමෙන්ම ඔබේ මිතුරන්ටත් මෙම තරඟාවලිය පිළිබඳ දැනුවත් කිරීමට අමතක නොකරන්න.
සුභ පැතුම්!