Nutrition Society

Snapzella හොදම ඡායාරූප? තරඟාවලියේ ජයග්‍රාහී ඡායාරූප

Snapzella හොදම ඡායාරූප? තරඟාවලියේ ජයග්‍රාහී ඡායාරූප ත්‍රිත්වයේ ජයග්‍රාහකයන්,?

?ප්‍රථම ස්ථානය – පාරමී චන්ද්‍රසිරි

?දෙවන ස්ථානය – උෂානි රණසිංහ

?තෙවන ස්ථානය – අංජානි ජයසේකර

?ඔබ විසින් අප වෙත එවන ලද ඡායාරූප ඇගයීමේදී විනිශ්ච මණ්ඩලය විසින් පහත නිර්ණායක සලකා බැලූ අතර එම නිර්ණායක වලට යටත්ව වැඩිම ලකුණු ලබා ගත් ඡායාරූප ත්‍රිත්වය ජයග්‍රාහී ඡායාරූප ලෙස තෝරාගත් බව කරුණාවෙන් සලකන්න.

?තේමාවට අනුකූල වීම

?ඡායාරූපයේ ගුණාත්මකභාවය

? නිර්මාණශීලිත්වය හා නව්‍යකරණය

?ඡායාරූප කුසලතාවය

ජයග්‍රාහී ඔබ සියලුදෙනාටම අපගේ උණුසුම්???? සුභ පැතුම් පිරිනමන අතර තරඟාවලිය ආරම්භයේ පටන් නිමාව තෙක්ම අපත් සමග අත්වැල් බැඳගත්? ඔබ සියලුදෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.❣️?

හොඳම ඡායාරූපය ? තරඟවටයේ පළමු ස්ථානය Nil Katarolu Bread with Nil Katarolu Milk. ??
බොහෝ නිවෙස් වල දක්නට ලැබෙන නිල් කටරොළු වල ගුණ ගැන ඔබ ඇත්තටම දන්නවා ද?? නිල් කටරොළු යනු ඖෂධීය වටිනාකමෙන් ඉතා ඉහළ ශාකයකි?.

කටරොළු මලේ ගුණය මෙන්ම වර්ණය ද එකතු කරමින් ඉරිගු ?, කිරි?, බිත්තර?යොදා ඉතා රසවත්, ගුණවත්,
නිර්මාණ්ශීලි ලෙස ඉදිරිපත් කර ඇති මෙය අපිට නිවසේදී ම සාදා ගත හැකි සිත් ඇදගන්නාසුළු
 ? පෝෂණීය ආහාරයක් පිළිබඳ සමාජය ආවර්ජනය කරයි. ???

විටමින් B6, යකඩ, පොස්පරස් මෙන් ම තන්තු බහුල ආහාරයක් වන මෙය ග්ලූටන් අන්තර්ගත නොවේ (Gluten free)?.
ප්‍රතිඔක්සිකාරකයක් ලෙසත් දියවැඩියාව වළක්වන ගුණ සපිරි ආහාරයක් ලෙසත් එය වඩා වටිනාකමින් යුතු වේ?.

බැලූ බැල්මටම රසයෙන්, ගුණයෙන් මෙන්ම වර්ණයෙන් ද අනූන මෙම පෝෂ්‍යදායි වට්ටෝරුව ? අප සමග බෙදාගත් පාරමී චන්ද්‍රසිරි ඔබට අපගේ ස්තූතිය.?❤
හොඳම ඡායාරූපය තරඟ වටයේ දෙවන ස්ථානය ලබාගත් veggie string hoppers?.
කෘතීම රසකාරක, වර්ණකාරක promote වෙන කාලවකවානුවක ඉතාමත් නිර්මාණශීලි ලෙස රතු අල, නිවිති, නිල් කටරොළු යන ද්‍රව්‍ය භාවිතා කරමින්
ස්වභාවික වර්ණකාරක ඇසුරින් පිස ගෙන ඇති මෙම veggie string hoppers ඡායාරූපය අප සමාජයට දෙන්නේ ලොකු පණිවිඩයක්??.

ස්වභාවික වර්ණකාරක
❤රතු – රතු අල
?කොළ – නිවිති
?නිල් – නිල් කටරොළු මල් වලින් සාදාගෙන ඒවා ඉඳි ආප්ප මිශ්‍රණය හා සමග වෙන වෙනම මිශ්‍ර කර ගනිමින් මෙම වර්ණවත් ඉඳි ආප්ප සාදාගෙන ඇත?.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ශාක වල ස්වභාවිකවම අඩංගු ශරීරයට හිතකර විවිධ රසායනික සංයෝග ද අඩංගු වීමයි?.

එමෙන්ම පොල්කිරි?, තක්කාලි?, මිරිස්?️, ලුනු, කහ, ළූණු යොදා සාදාගත් රසවත් බිත්තර ? curryයක් සහ කරපිංචා, කොච්චි දමා සදාගත්
කරපිංචා ? සම්බෝලයකින් ඉඳි ආප්ප රස ගැන්වී තිබෙනවා. ?

මෙලෙස රසවත් ගුණවත් වර්ණවත් ලෙස සියලුම පෝෂක ද්‍රව්‍ය වලින් පාහේ සපිරුණු ? මෙම ආහාර වට්ටෝරුව කලාත්මක කෝණයකින් capture ? කර ගෙන
ඔබ අප සැම හා බෙදාගත් උෂානි රණසිංහ ඔබට ස්තූතියි.❤️?
හොදම ඡායාරූප තරඟවටය තෙවන ස්ථානය මුරුන්ගා සුප් හා පින්වීල් සැන්විචර්ස් ??
මුරුන්ගා අපේ ශරීරයට ගොඩාක් හොඳ ඒ වගේම ප්‍රතිශක්තිකරණය වැඩි කරන එළවළුක්. රසවත් හා ගුණවත් සුප් එකක්

පිළියෙල කරගැනීමට මුරුන්ගා කොළ යොදා ගැනීමට පුළුවන්.☘️☘️
⭕අවශ්‍ය දේවල් :මුරුන්ගා කොළ, රතු කැකුළු හාල්, ගම්මිරිස්, කරාබුනැටි
ළූණු, ඉගුරු, කොත්තමල්ලි
සූදුරු, කරපිංචා හා පොල් තෙල්.
මෙය ගොඩාක් ගුණ මෙන්ම ප්‍රතිශක්තිකරණය වඩවන පානයක්.??
වෙනස් ආකාරයෙන් සැකසූ පින්වීල් සැන්විචර්ස් සඳහා කැරට්,බීට්රූට්, ග්‍රීන්පීස්, සලාද කොළ ,ගම්මිරිස් හා මස්ටර්ඩ් සෝල්ට් යොදාගෙන තිබෙනවා.?
පෝෂණ ගුණය, නිර්මාණශීලිත්වය,නව්‍යකරණය හා ඡායාරූප කුසලතාවය නොඅඩු මෙම ඡායාරූපය අප සමග බෙදාගත් අංජානි ජයසේකර ඔබට බෙහෙවින් ස්තුතියි.?❤