Nutrition Society

Snapzella

Snapzella Best Photography 📸 Contest Winners

Here’re the Winning Photo📸 TRIO of the Snapzella Best Photo Contest 🏆

🥇First place – Parami Chandrasiri

🥈Second place – Ushani Ranasinghe

🥉Third Place – Anjani Jayasekara

👉Please note that the judging panel considered the following criteria in the evaluation of the photographs you submitted for the competition and selected the three best photographs with the highest scores according to;

📍Relevance to the theme

📍Quality of the photo

📍Creativity and innovation and

📍Photography skills

Our warmest congratulations 🎉🎉💐💐to all the winners🏅🏅🏅 and thank you very much to all who joined, cheered👏, and followed us throughout the journey of snapzella.❣️🥰

The first place 😍in the best photography category 📸of Snapzella goes to the Nil katarolu bread with Nil katarolu milk. 😍
Have you heard about the nutritional value of Nil katarolu, which can be found in many home gardens in Sri Lanka?🤓

Nil katarolu is a plant with a very high medicinal value👌.
This delectable dish comes as a combination of nil katarolu together with corn🌽, milk🥛and eggs 🥚

adding nutrition and much-needed colour to the everyday diet.👍🥳

🔺It is high in fiber, vitamin B6, iron and phosphorus
🔺 Gluten-free🤓
🔺Highly valued as an antioxidant and can help protect you from diabetes😍.
So, don’t forget to try this at home👊.

Our thanks to Parami Chandrasiri for sharing this🤗 mouthwatering,

nutritious recipe 💪with us and all our FB community.🤝❤
The second place 😍 in the Best Photo of Snapzella Contest📸 goes to the Veggie String Hoppers.
Nowadays when artificial flavors and colors are being promoted, this particular veggie string hoppers recipe,

innovatively incorporated natural pigments using “rathu ala” (Reddish potato variety), spinach and
butterfly pea (Nil katarolu), and created a highly inspiring recipe and a very attractive photograph🤗💪.

Natural pigments included
🧡Red – Reddish potato variety (Rathu Ala)
💚Green – Spinach
💙Blue -Butterfly pea flowers (Nil katorolu mal).


These colorful string hoppers are made from pigments extracted naturally and blended separately with the string hopper mixture.👌
The specialty here is that these plant extracts also contain various chemical compounds that are

naturally good and healthy for our body🤓.

There is also a delicious egg curry 🥚made with coconut milk🥥, tomatoes🍅,

chilies🌶️, salt, turmeric and onions🧅, and combined with a delicious pol sambol (coconut sambol) flavored
with karapincha🌿, and “kochchi” chilies.

We express our heartiest gratitude to Ushani Ranasinghe for this innovative and uniquely captured photograph 📸 shared with us.❤️🤝
The third place in the Best Photo of Snapzella Contest goes to Murunga (Drumstick) Soup and
Pinwheel Sandwiches.🍵🥪

Drumstick is a very healthy and immune-boosting vegetable. Drumstick leaves can be

used to prepare a tasty and healthy soup. ☘️☘️

⭕The ingredients used – Drumstick leaves, raw red rice, pepper, cloves, onions,

ginger, koththamalli, cumin, curry leaves, and coconut oil.

This beverage can make wonders to keep you fit. 💪🤗
The pinwheel sandwiches are innovatively prepared using raw ingredients such as

carrot, beetroot, green peas, salad leaves, pepper, mustard and salt in a different style.🥳

We express our sincerest gratitude to Anjani Jayasekara for this

innovative and uniquely captured photograph shared with us.🤝❤

Snapzella හොදම ඡායාරූප📸 තරඟාවලියේ ජයග්‍රාහී ඡායාරූප

Snapzella හොදම ඡායාරූප📸 තරඟාවලියේ ජයග්‍රාහී ඡායාරූප ත්‍රිත්වයේ ජයග්‍රාහකයන්,🏆

🥇ප්‍රථම ස්ථානය – පාරමී චන්ද්‍රසිරි

🥈දෙවන ස්ථානය – උෂානි රණසිංහ

🥉තෙවන ස්ථානය – අංජානි ජයසේකර

👉ඔබ විසින් අප වෙත එවන ලද ඡායාරූප ඇගයීමේදී විනිශ්ච මණ්ඩලය විසින් පහත නිර්ණායක සලකා බැලූ අතර එම නිර්ණායක වලට යටත්ව වැඩිම ලකුණු ලබා ගත් ඡායාරූප ත්‍රිත්වය ජයග්‍රාහී ඡායාරූප ලෙස තෝරාගත් බව කරුණාවෙන් සලකන්න.

📍තේමාවට අනුකූල වීම

📍ඡායාරූපයේ ගුණාත්මකභාවය

📍 නිර්මාණශීලිත්වය හා නව්‍යකරණය

📍ඡායාරූප කුසලතාවය

ජයග්‍රාහී ඔබ සියලුදෙනාටම අපගේ උණුසුම්🎉🎉💐💐 සුභ පැතුම් පිරිනමන අතර තරඟාවලිය ආරම්භයේ පටන් නිමාව තෙක්ම අපත් සමග අත්වැල් බැඳගත්👏 ඔබ සියලුදෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.❣️🥰

හොඳම ඡායාරූපය 📸 තරඟවටයේ පළමු ස්ථානය Nil Katarolu Bread with Nil Katarolu Milk. 👏👏
බොහෝ නිවෙස් වල දක්නට ලැබෙන නිල් කටරොළු වල ගුණ ගැන ඔබ ඇත්තටම දන්නවා ද🤓? නිල් කටරොළු යනු ඖෂධීය වටිනාකමෙන් ඉතා ඉහළ ශාකයකි👌.

කටරොළු මලේ ගුණය මෙන්ම වර්ණය ද එකතු කරමින් ඉරිගු 🌽, කිරි🥛, බිත්තර🥚යොදා ඉතා රසවත්, ගුණවත්,
නිර්මාණ්ශීලි ලෙස ඉදිරිපත් කර ඇති මෙය අපිට නිවසේදී ම සාදා ගත හැකි සිත් ඇදගන්නාසුළු
 😍 පෝෂණීය ආහාරයක් පිළිබඳ සමාජය ආවර්ජනය කරයි. 👍🥳🤝

විටමින් B6, යකඩ, පොස්පරස් මෙන් ම තන්තු බහුල ආහාරයක් වන මෙය ග්ලූටන් අන්තර්ගත නොවේ (Gluten free)🤓.
ප්‍රතිඔක්සිකාරකයක් ලෙසත් දියවැඩියාව වළක්වන ගුණ සපිරි ආහාරයක් ලෙසත් එය වඩා වටිනාකමින් යුතු වේ😍.

බැලූ බැල්මටම රසයෙන්, ගුණයෙන් මෙන්ම වර්ණයෙන් ද අනූන මෙම පෝෂ්‍යදායි වට්ටෝරුව 💪 අප සමග බෙදාගත් පාරමී චන්ද්‍රසිරි ඔබට අපගේ ස්තූතිය.🤝❤
හොඳම ඡායාරූපය තරඟ වටයේ දෙවන ස්ථානය ලබාගත් veggie string hoppers😍.
කෘතීම රසකාරක, වර්ණකාරක promote වෙන කාලවකවානුවක ඉතාමත් නිර්මාණශීලි ලෙස රතු අල, නිවිති, නිල් කටරොළු යන ද්‍රව්‍ය භාවිතා කරමින්
ස්වභාවික වර්ණකාරක ඇසුරින් පිස ගෙන ඇති මෙම veggie string hoppers ඡායාරූපය අප සමාජයට දෙන්නේ ලොකු පණිවිඩයක්🤗💪.

ස්වභාවික වර්ණකාරක
❤රතු – රතු අල
💚කොළ – නිවිති
💙නිල් – නිල් කටරොළු මල් වලින් සාදාගෙන ඒවා ඉඳි ආප්ප මිශ්‍රණය හා සමග වෙන වෙනම මිශ්‍ර කර ගනිමින් මෙම වර්ණවත් ඉඳි ආප්ප සාදාගෙන ඇත👌.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ශාක වල ස්වභාවිකවම අඩංගු ශරීරයට හිතකර විවිධ රසායනික සංයෝග ද අඩංගු වීමයි🤓.

එමෙන්ම පොල්කිරි🥥, තක්කාලි🍅, මිරිස්🌶️, ලුනු, කහ, ළූණු යොදා සාදාගත් රසවත් බිත්තර 🥚 curryයක් සහ කරපිංචා, කොච්චි දමා සදාගත්
කරපිංචා 🌿 සම්බෝලයකින් ඉඳි ආප්ප රස ගැන්වී තිබෙනවා. 😋

මෙලෙස රසවත් ගුණවත් වර්ණවත් ලෙස සියලුම පෝෂක ද්‍රව්‍ය වලින් පාහේ සපිරුණු 💪 මෙම ආහාර වට්ටෝරුව කලාත්මක කෝණයකින් capture 📸 කර ගෙන
ඔබ අප සැම හා බෙදාගත් උෂානි රණසිංහ ඔබට ස්තූතියි.❤️🤝
හොදම ඡායාරූප තරඟවටය තෙවන ස්ථානය මුරුන්ගා සුප් හා පින්වීල් සැන්විචර්ස් 🍵🥪
මුරුන්ගා අපේ ශරීරයට ගොඩාක් හොඳ ඒ වගේම ප්‍රතිශක්තිකරණය වැඩි කරන එළවළුක්. රසවත් හා ගුණවත් සුප් එකක්

පිළියෙල කරගැනීමට මුරුන්ගා කොළ යොදා ගැනීමට පුළුවන්.☘️☘️
⭕අවශ්‍ය දේවල් :මුරුන්ගා කොළ, රතු කැකුළු හාල්, ගම්මිරිස්, කරාබුනැටි
ළූණු, ඉගුරු, කොත්තමල්ලි
සූදුරු, කරපිංචා හා පොල් තෙල්.
මෙය ගොඩාක් ගුණ මෙන්ම ප්‍රතිශක්තිකරණය වඩවන පානයක්.💪🤗
වෙනස් ආකාරයෙන් සැකසූ පින්වීල් සැන්විචර්ස් සඳහා කැරට්,බීට්රූට්, ග්‍රීන්පීස්, සලාද කොළ ,ගම්මිරිස් හා මස්ටර්ඩ් සෝල්ට් යොදාගෙන තිබෙනවා.🥳
පෝෂණ ගුණය, නිර්මාණශීලිත්වය,නව්‍යකරණය හා ඡායාරූප කුසලතාවය නොඅඩු මෙම ඡායාරූපය අප සමග බෙදාගත් අංජානි ජයසේකර ඔබට බෙහෙවින් ස්තුතියි.🤝❤

Snapzella – Meet the Judges

One more step closer to conclude the Snapzellas Food Photography Competitions’📸 enthusiastic journey.😍

The competition’s final round to select the Best three photographs are currently ongoing and our judging panel is working hard to get the results to you very soon.

🥳It’s time to get to know our judging panel.💜

The initial screening of the photographs was done by;🌻

The panel is set to announce the winners of the Best Photo Trio soon

.😍You might be one of the lucky winners.🥳

So stay tuned and check our NutSoc Facebook page.

If you haven’t liked our page yet, don’t wait…Thank you.🤗💜

Snapzella Most Popular Photograph Category Winners

සති ගණනාවක් ඔබ සැම බලාසිටි ඒ ජයග්‍රාහී මොහොත එළැඹ ඇත😍.

Snapzella food photography📸 තරඟාවලියේ ජනප්‍රියම ඡායාරූප ත්‍රිත්වය ඔබේ මනාප ඇසුරින් තෝරාපත් කරගෙන ඇති අතර🤓 එම ජයග්‍රාහකයින් සියලුදෙනාටම අපගේ උණුසුම් සුභ පැතුම් 💐🥳.

🔸පළමු ස්ථානය – ජිත්මිණි හෙට්ටිආරච්චි 👏

🔸දෙවන ස්ථානය – අයේෂා සෙනෙවිරත්න 👏

🔸තෙවන ස්ථානය – උෂානි රණසිංහ 👏

ඔබ තිදෙනාටම පෙර සඳහන් කළ පරිදි මුදල් ත්‍යාග ලබාදීමට අප ඉදිරියේදී කටයුතු සිදු කරන්නෙමු🥰.

මෙම අදියරේ ජයග්‍රාහකයන් තෝරා පත් කරගැනීම සඳහා තරඟ කොන්දේසි පරිදි තරඟකරුවන් විසින් ලබාගත් වලංගු මනාප (අදාල ඡායාරූපය ලබාගෙන ඇති මුලු මනාප අතරින් NutSoc Facebook පිටුවට ද Like 👍කර ඇති මනාප) පමණක් සලකන ලද අතර ජයග්‍රාහකයින් තේරා පත් කර ගැනීම සහ මනාප ගණනය කිරිමේ කටයුතු ඉතාමත් නිවැරදි ලෙස නිසි විනිවිදභාවයකින් යුතුව සිදුකල බව ඔබට සහතික වෙමු.👊🤝

Snapzella හොඳම ඡායාරූප තේරීම දැනටමත් අප විනිශ්චය මණ්ඩලය විසින් සිදුකෙරමින් පවතින අතර එම ජයග්‍රාහකයන් තිදෙනාද ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව සතුටින් දන්වා සිටිමු😊.

Finally, the moment you all awaited is here😍.

Your journey in the most Popular Photography category of Snapzella📸 has come to an end.

Here are the 3 most popular photograph winners selected based on your votes🥳.

🔸First place goes to Jithmini Hettiarachchi 👏

🔸Second place goes to Ayesha Senevirathne 👏

🔸Third place goes to Ushani Ranasingha 👏

As promised all three of you will receive your cash prizes in due time🤓.On behalf of the Nutrition Society of Wayamba University of Sri Lanka, our heartiest congratulations to all the winners and thank you to all those who took part in our contest and voted🥳. Also, a very special thank you goes out to all our fans and Fb members of the NutSoc and Foodies Snapzella for following us on social media for all this time🥰.

Please note that when selecting the winners under the popular category we ONLY counted the people who liked👍 both your photograph and our NutSoc facebook page as valid votes as per the conditions of the competition.

We assure you that the selection of winners and counting of votes have been done accurately and with 100% transparency.👊🤝

Stay tuned for the announcement for the photographs in the BEST category as well🤓. Our judging panel is working on it right now. Next time we’ll be meeting you with the winners of the BEST photography contest

🥳.Stay safe, stay close and stay tuned😊.

Snapzella Food Photography Challenge

ඒකාකාරී දිවියට විරාමයක් තබමින් විනෝදය සමඟින් නිවසේ සිටම වටිනා මුදල් ත්‍යාග ලබාගැනීමට ඔබට අවස්ථාව සලසා දෙන ” #Snapzella” තරඟාවලිය පිළිබඳව ඔබ දැනටමත් බලාපොරොත්තු දල්වා සිටින බව අප දනිමු. 🤩

තවදුරටත් බලා සිටීමට අවශ්‍ය නැත.ඔබේ ජංගම දුරකථනයෙන් ලබාගත් නිර්මාණශීලි ඡායාරූප අප වෙත එවීමට ඔබට දැන් හැකියාව ඇත.😎

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පෝෂණ පීඨයේ “Nutrition Society” (NutSoc) විසින් සංවිධානය කරන මෙම තරඟාවලිය “ගුණැති අහරක් සුවැති දිවියක්” යන තේමාව මත පාදක වේ. 🍏📸

ගෝලීය වසංගත අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක සෞඛ්‍යය සහ යහපෝෂණය පිළිබඳ අප සැම වඩාත්ම සැලකිලිමත් විය යුතු මෙම කාලයේ කොවිඩ්-19 වසංගතයට සාර්ථකව මුහුණ දීම උදෙසා සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවාගැනීම අතිශය වැදගත් වන අතර, ඒ සඳහා මනා පෝෂණය අත්‍යවශ්‍ය සාධකයක් වේ. එබැවින් වඩාත් නිර්මාණශීලී මෙන්ම විනෝදාත්මක අයුරින් නිවැරදි පෝෂණයේ වැදගත්කම පිළිබඳ සමාජ අවබෝධය ඉහළ නැංවීම මෙම තරඟාවලියේ මූලික පරමාර්ථය වේ.

තරඟ කොන්දේසි

1) ඡායාරූප ලබාගැනීම සඳහා ඔබට භාවිතා කළ හැක්කේ ජංගම දුරකථනයක් පමණි. DSLR, ඩ්‍රෝන කැමරා ආදී වෙනත් කිසිදු කැමරාවකින් ලබාගත් ජායාරූප මෙම තරඟාවලිය සඳහා වලංගු නොවේ. නමුත් මේ සඳහා ඕනෑම වර්ගයක ජංගම දුරකථනයක් භාවිතා කිරීමට ඔබට පූර්ණ නිදහස ඇත.

2) ඔබ අප වෙත ඉදිරිපත් කරන ඡායාරූපය ඔබගේම නිර්මාණයක් විය යුතු අතර එය වෙනත් අයෙකුගේ ඡායාරූපයක් බව හෙළිවුවහොත් එම ඡායාරූපය තරඟාවලියෙන් ඉවත් කිරීමට සිදුවනු ඇත.

3) ඔබගේ ඡායාරූපය අපගේ තේමාවට අනුකූල වීම අනිවාර්‍ය වේ. උදාහරණයක් වශයෙන් පෝෂණීය නොවන ක්ෂණික ආහාරපානවල ඡායාරූප අපගේ තේමාවට අනුකූල නොවේ.

4) ඔබගේ කැමැත්ත පරිදි වර්ණ ඡායාරූප හෝ කළු සුදු ඡායාරූප ඉදිරිපත් කළ හැක.

5) එක් තරඟකරුවෙක් හට ඉදිරිපත් කළ හැකි උපරිම ඡායාරූප සංඛ්‍යාව 3කට සීමා වේ.

6) ඡායාරෑපය ඉදිරිපත් කිරීමේදී ඔබේ නම සහ ඔබ ඡායාරූප ගතකරන ලද ආහාරයේ හෝ පානයේ සුළු විස්තරයක් ද සඳහන් කිරීමට අමතක නොකරන්න.(උදා: යොදා ගත් අමුද්‍රව්‍ය, සකස් කල ආකාරය) පහත link එක මඟින් ඔබේ ඡායාරූප Foodie’s SnapZella ෆේස්බුක් පිටුවට upload කර අප වෙත ලැබීමට සලස්වන්න.https://www.facebook.com/groups/387213629391546/?ref=share ඡායාරූප ඉදිරිපත් කිරීමේ කාල සීමාව දෙසැ.6 දින සිට දෙසැ.13 දින මධ්‍යම රාත්‍රී දක්වා වේ.

7) හොඳම ඡායාරූපය තෝරාගැනීමේදී-NutSoc ෆේස්බුක් පිටුවට like කරතිබීම https://www.facebook.com/nutsocwyb/-තරඟාවලියේ තේමාවට අනුකූල වීම-ඡායාරූපයේ ගුණාත්මකභාවය සහ නිර්මාණශීලීභාවය-ඡායාරූපගතකර ඇති ආහාරපානවල පෝෂණ ගුණය සහ නව්‍යකරණය -ඡායාරූපකරණ කුසලතාවපිළිබඳව සලකා බලනු ලැබේ.

8) හොඳම ඡායාරූපය තෝරාගන්නා ආකාරය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඔබට ඉදිරියේදී දැනුම් දීමට අප බලපොරොත්තු වන බැවින් දිගටම අපගේ NutSoc ෆේස්බුක් පිටුව සමඟ රැඳී සිටින්න.

9) තෝරුගැනෙන හොඳම ඡායාරූප 3 සඳහා පහත පරිදි මුදල් ත්‍යාග පිරිනැමෙනු ලැබෙන අතර අපගේ පීඨය මඟින් නිකුත් කරනු ලබන වාර්ෂික ෂෝෂණ සඟරාවේ තරඟකරුගේ නම සහ ඡායාරූපය සමඟ ඔවුන් අපවෙත එවූ ඡායාරුප පළකරනු ලැබේ.ප්‍රථම ස්ථානය- රු:2500දෙවන ස්ථානය- රු:1500තෙවන ස්ථානය- රු:1000

10) මෙයට අමතරව අප වෙත එවනු ලබන ඡායාරුප අතරින් අප විසින් තෝරාගනු ලබන හොඳම ඡායාරූප කිහිපයක් අපගේ ෆේස්බුක් පිටුවේ පළකිරීමටද අප බලොපොරොත්තු වේ.ඉතින්, තවත් ප්‍රමාද නොවන්න! ඔබේ ඡායාරූපය හැකි ඉක්මනින් අපට එවන්න.එමෙන්ම ඔබේ මිතුරන්ටත් මෙම තරඟාවලිය පිළිබඳ දැනුවත් කිරීමට අමතක නොකරන්න. 💪

සුභ පැතුම්! ❤️