ඔබ නිවසේ රැඳී සිටින අතරතුර, ඔබට දියවැඩියාව වැළඳීමේ අවදානමක් තිබේදැයි පරීක්ෂා කිරීමට විනාඩියක් ගත කරන්න.
පහත දැක්වෙන පරීක්ෂණය අන්තර්ජාතික දියවැඩියා සම්මේලනය (IDF) විසින් අන්තර්ක්‍රියාකාරී මාර්ගගත දියවැඩියා අවදානම් තක්සේරුවක් ලෙස සැලසුම් කර ඇති අතර එය ඉදිරි වසර දහය තුළ පුද්ගලයෙකුට දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමට ඇති අවදානම පුරෝකථනය කරයි.
ආරම්භ කිරීමට මෙම ලින්ක් (link) එක මත ක්ලික් (Click) කරන්න.
https://www.idf.org/type-2-diabetes-risk-assessment/
IDF මගින් නිර්මාණය කර ඇති දියවැඩියා අවදානම තක්සේරු කිරීමේ පරික්ෂාව රෝග විනිශ්චය කිරීමට මෙවලමක් ලෙස භාවිතා කල නොහැක. එය වර්තමානයේ දියවැඩියාව ඇතැයි හඳුනාගෙන නොමැති පුද්ගලයන් සදහා නිර්මාණය කර ඇති අතර, එමගින් ඉදිරි වසර 10 තුල කිසියම් පුද්ගලයෙකුට දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම පෙන්වා දක්වයි.
පරීක්ෂණය අවසානයේ ලැබෙන ප්‍රතිඵල වෛද්‍ය උපදෙස් නොවේ.
ඔබට දියවැඩියා අවදානමක් හෝ ඒ පිළිබඳ සැලකිලිමත් වන්නේනම් වැඩිදුර තොරතුරු සදහා සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු හමුවන්න.
#worlddiabetesday2020#WorldDiabetesDay